මෙම දින 14 කාලසටහන

පර්යේෂණ රැසක් සිදුකර හදුන්වා දෙන දෙයකි.

සියලු ප්‍රධාන සිද්ධස්ථාන ආවරණය වන අයුරින් හැම සිද්ධස්ථානයක්ම බලාගෙන යාමට නොව සැලකිය යුතු වේලාවක් ගෙන වන්දනා කළ හැකි පූජා කළ හැකි අයුරින් සකසා ඇති මෙය පරිපූර්ණ කාලසටහනකි. දිවයිනේ මෙවැනි කාලසටහනක් ඇති එකම දඹදිව වන්දනා ආයතනය අප ආයතනයයි.
මෙම කාලසටහන දිවයිනේ ඇති ඕනෑම දඹදිව වන්දනා ආයතකනය කාලසටහනක් සමඟ සසදන්න.


  • ඉන්දියාවේ දිල්ලි නගරයට ලංකාවේ සිට ගුවනින් ගමන් කිරීම.
  • දිල්ලි ජාතික කෞතුකාගාරයේ ධාතූන් වහන්සේලා දැක බලා වන්දනා කිරීම.
  • කුරු රටෙහි කච්චායන නියං ගමේම සතර සතිපට්ඨාන දේශනාව සිදු වූ ස්ථානය වන්දනා කිරීම.
  • අග්‍රා දක්වා ගමන් කිරීම.
  • ටජ් මහල් නැරඹීම නවාතැනට ආපසු පැමිණීම.
  • බරණැස සාරානාත් නුවරට පැමිණීම පළමුව සාම චෛත්‍ය වන්දනා කිරීම
  • බරණැස ඉසිපතන මිගදායට පැමිණීම
  • බරණැස මහා බෝධි සමාගමේ පින්වත් භික්ෂූන් වහන්සේලා විසින් මෙහෙයවන ඉසිපතන පින් බිම වන්දනාවට එක් වීම.
  • එය අවසන් වූ පසු අපේ කණ්ඩායම පමණක් යලිත් ඒ ස්ථාන වන්දනා මාන කිරීම
  • මෙලොවට පහල වූ පළමු රහතන් වහන්සේ පස්නම බිහි වූ බිම ධර්මාසෝක රජු විසින් සාදන ලද ධම්මික චෛත්‍ය වටා කංචුක පැළඳ සුවද පූජාවන් සිදුකර වන්දනා කිරීම.
  • භාග්‍යවතුන් වහන්සේ සිවුර පෙරවූ ගල ධම්සභා මණ්ඩපය භාග්‍යවතුන් වහන්සේ මුලින්ම වැඩසිටි මූලගන්ධ කුටිය වන්දනා කිරීම.
  • ධර්මරාජික ස්ථූපයට සුවද පූජාවක් සිදු කිරීම ධර්මරාජික ස්ථූපය වන්දනා මාන කිරීම. ධර්මරාජික ස්ථුපය අසල දම්සක් පැවතුම් සූත්‍රය සඡ්ඡායනා කිරීම.
  • සාරානාත් කෞතුකාගාරය නැරඹීම
  • අනගාරික ධර්මපාල තුමාගේ කෞතුකාගාරය නැරඹීම
  • අනගාරිකධර්මපාලතුමාවිසින්ඉදිකරනලදනවමූලගන්ධකුටිවිහාරයේසවසපිරිත්සජ්ඡායනය
  • බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා සිදු කළ දුර්ගේෂ්වරී වන්දනා කිරීම.
  • සේනානි ගමේදී සුජාති සිටු දේවිය කිරිපිඩු පූජා කළ ස්ථානය වන්දනාව.
  • සොත්තිය බමුණා කුස තණ මිටි 8 පූජා කළ ස්ථානය වන්දනාව.
  • මහමෙව්නාව බුද්ධගයා අසපුව නැරඹීම හා වන්දනා කිරීම.
  • මහා කාෂ්‍යප රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පතව ඇති කුක්කුට සම්පාත හෙවත් ගුරුපාදගිරි කදු මුදුනේ සිදු කරන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වන්දනාව.
  • කිරිපිඩු සකස් කිරීම.
  • බුදුවරුන්ගේ ජය භූමිය වූ වජ්‍රසානයට කිරිපිඩු පූජා කිරීම.
  • අෂඨාංග උපෝසථ සීලය සමාදන් වීම.
  • සත්සතිය ගතකළ ස්ථාන වන්දනා කිරීම.
  • බුද්ධගයාවේ වැඩ සිටින මහා සංඝරත්නයේ උදෙසා අටපිරිකර සෙසුපිරිකර සහිත මහා සංඝගත දක්ෂිණාව
  • වජිරාසන මත වැඩසිටින පිළිමවහන්සේ උදෙසා විශේෂයෙන්සකස්කරන ලද සිවුර පූජාකිරීම සවස ජය ශ්‍රී මහා බෝධි වන්දනාව.
  • භාග්‍යවතුන් වහන්සේගේ සෘද්ධි බලයේ ජීවමාන සාක්ෂිය වූ විභූඩය කුමාරයාගේ යුධ රථ එරුණ තැන වන්දනා කිරීම.
  • අජාසත්ත රජු විසින් බිම්බිසාර රජු සිරකර තැබූ ස්ථානය නොහොත් මගධයේ බන්ධනාගාරය
  • පළමු ධර්ම සංගායනාව සිදු කළ උතුම් සප්තපර්ණී ගල් ගුහාව වන්දනා කිරීම.
  • මහා කාශ්‍යප මහරහතුන් වැඩසිටි පිප්පලී ගුහාව වන්දනා කිරීම.
  • දෝන හතක් සර්වඥ්ඥ ධාතුන් වහන්සේලා වසර සිය ගණනක් වැඩසිටි වාලසංඝාටක චෛත්‍ය වන්දනා කිරීම. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටිය ආනන්ද ලෙන
  • සැරියුත් ස්වාමීන් වහන්සේ අරහත්වයට පත්වුණ සූකරකථ ලෙන වන්දනා කිරීම. භාග්‍යවතුන් වැඩ සිටියාවූ ආටානාටිය සූත්‍රය දේශනා කළ ගිජුකූඨ කදු මුදුනේ සුගන්ධ කුටියේ රෝසමල් පූජාව හා සත්බුදු වන්දනාව. පසේබුදුරජුන් වැඩ සිටියාවූ ඉසගිලි පර්වතයට මගධයේ සුන්දරත්වය නරඹමින් විදුලි පුටුවෙන් ගමන් කිරීම. නාලන්දා විශ්ව විද්‍යාලය නැරඹීම හා විශ්ව විද්‍යාල භූමියේ ඇති සැරයුත් මහරහතන් වහන්සේගේ චෛත්‍ය වන්දනා කිරීම.
  • විශාලා මහනුවර කූටාගාර ශාලාව, ආනන්ද, අම්බපාලි චෛත්‍ය සිංහ කුළුණ වන්දනා කිරීම. රතන සූත්‍රය සඡ්ඡායනා කිරීම. මහරහත් තෙරණි වන්දනාව.
  • ලිඡ්ඡවී විසින් සාදන ලද ධාතු නිදන් චෛත්‍ය වන්දනා කිරීම. අභිෂේක පොකුණ නැරඹීම.
  • විශාලා මහනුවර ලංකාරාමය වන්දනා කිරීම.
  • කේෂරියා චෛත්‍ය වන්දනා කිරීම. කුසිනාරා නුවර
  • පිරිනිවන් බුදුපිලිම වහන්සේ උදෙසා චීවර පූජා කිරීම.
  • පිරිනිවන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාල ස්ථානය වනදනා කිරීම. ධජ පූජාව. සම්බුද්ධ ශරීරය අවසන් වරට තිබූ වේදිකාව, මල්ලව රජදරුවන් තැනූ ධාතු නිදන් චෛත්‍ය වන්දනා කිරීම. භාග්‍යවතුන් වහන්සේ අවසන් වරට පැන් වැළ‍ඳු ස්ථානය වන්දනා කිරීම.භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානය හා ධාතු තැබූ ස්ථානය අසිරිමත් ලෙස වන්දනා කිරීම.
  • ලුම්බිණි සාලවනෝද්‍යානය සිදුහත් බෝසත් කුමරු පළමු වරට මනුලොව පය තැබූ ස්ථානයයි. අසිරිමත් ලෙස වන්දනා කිරීම. නෙළුම් මල් පූජාව.
  • මහාමයා පොකුණ වන්දනා කිරීම. නේපාලයේ කපිලවස්තුපුර සුද්ධෝදන මහරහතන් වහන්සේගේ හා පින්වන්ත මහමායා දේවියගේ සොහොන වන්දනා කිරීම. සිද්ධාර්ථ කුමරු ගිහිගෙය හැරගිය දොරටුව නැරඹීම.
  • රම්‍ය සුරම්‍ය සුභ මාලිගා නැරඹීම.
  • කපිලවස්තුව – ඉන්දියාව
  • සුද්ධෝදන රාජ මාලිගාව නැරඹීම.
  • නිග්‍රෝධාරාමය වන්දනා කිරීම.
  • සැවැත්නුවර – අංගුලිමාල චෛත්‍ය වන්දනා කිරීම.
  • අනේපිඩු සිටු මාලිගාව නැරඹීම.
  • ධාතුන්වහන්සේ නැරඹීම හා හිස මත තබා ආශිර්වාද ලබා ගැනීම.
  • සැවැත්නුවර ලංකාරාමයේ උපෝසථ සීලය සමාදන් වීම.
  • සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි රහතුන්වහන්සේලාගේ කුටි හා දම්සභා මණ්ඩපයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි ශ්‍රී සුගන්ධ කුටිය ගෞරවයෙන් වන්දනා කිරීම.
  • ආනන්ද බෝධින් වහන්සේ වන්දනාව
  • සැවැත්නුවර ශ්‍රී ලංකාරාමයේදී භික්ෂූණ් වහන්සේලා උදෙසා අටපිරිකර සෙසු පිරිකර සහිත සාංගික දානය පූජා කිරීම.
  • සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ අසිරිමත් රෝසමල් පූජාව.
  • භාග්‍යවතුන්වහන්සේ හත්වන වස් කාලය දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනාව සිදු කොට සෝවන් ඵලයේ පිහිටුවා මෙලොව පය තැබූ ස්ථාන‍යේ පිහිටා ඇති සංකස්ස චෛත්‍ය වන්දනා කිරීම.
  • අශෝක කුළුණ නැරඹීම
  • සංකස්ස දේවරෝහණ මෛත්‍රී විහාරයේ සවස බුද්ධ වන්දනාව හා එම විහාරයේ චෛත්‍ය මනරම් කංචුක පූජාව.
  • දිල්ලි නගර සවාරිය. ඉන්දියාවේ පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දීරය, අගමැති මන්දීරය නැරඹීම.
  • මව්බිමට පැමිණීම.