පින්වතුන්ගේ දඹදිව වන්දනාව

බොහෝ දෙනෙක් දඹදිව වන්දනාවට යන්නේ ජීවිතය එක වතාවකි. ඒ යන ගමන භාග්‍යවතුන් වහන්සේ ගැන අපමණ භක්තියෙන් ශ්‍රී සද්ධර්මය ගැන ඉතාමත් අවබෝධයෙන් ආර්යමහා සංඝරත්නය ගැන බැතියෙන් බුදුගුණ දම්ගුණ සගගුණ කිය කියා හිත හිතා සැම තැනැක් ගැන හොදින් විස්තරය අසා පූජාවන් සිදු කොට වන්දනා මාන කරගතහොත් එය මුලු ජීවිතයට ප්‍රමාණවත්ය. අවසාන හුස්ම පොද පිටවන තුරුම මතකයට ඒවී. හැමවිටම සිතට සතුටත් සහනයත් දැනේවි. එය මහත් කුසලය බවටම පෙරලෙයි. සුගතියටම ඔබ ගෙනයාවී.

අවාසනාවට බොහො දෙනෙකුට මෙම අවස්ථාව මග හැරී යනවා. ඒ ලංකාවෙන් දඹදිව එන්න තෝරගන්න ආයතනය හින්දා මුදල් මතම පදනම් වී මුල්‍ය ලාභය අරමුණු කරගෙන කටයුතු කරන ආයතන තෝරාගැනීමෙන් වෙන්නේ සිද්ධස්ථාන නැරඹීමට පමණයි. සිතට දැනෙන අයුරින් වන්දනාවක් වෙන්නේ නැහැ. බොහො අය චාරිකා නිමා කරන්නේ සුන් වූ බලාපොරොත්තු සමග එසේ ඇසූදුටු අත්දැකීම් ඇසුරෙන් බුදුගුණ, දහම්ගුණ, සගගුණ තුලම හිත රදවාගෙන විවේකීව වන්දනා කළ හැකි ලෙස අප පින්වතුන්ගේ වන්දනාව හදුන්වා දී තිබෙනවා. දඹදිව යන්න පින අවශ්‍යයි වගේම එහි ගොස් සද්ධාවෙන්ම පූජාවන් කොට වන්දනා මාන කරන්න හිත පිරීයන සතුටින් වන්දනා ගමන නිමා කරන්නත් ලොකු පිනක් තියෙන්න ඕන. ඒ නිසයි අපේ ගමන පින්වතුන්ගේ වන්දනා ගමන ලෙස හදුන්වා දුන්නේ.

සුහදශීලි සේවය

අනෙක් ගමන් වල මෙන දක්කාගෙන යාමත් බය කිරීම, බැණ වැදීම් නැත තමන්ගේ මව්පියන් මෙන් සියලු දෙනාට ගරු කරමින් වන්දනා කිරීම. සියලු දෙනාට තේරෙන වැටහෙන ලෙස එම ස්ථාන පිළිබඳ කියාදී අවබෝධයක් ලබාදීම. එකිනෙකා ගැන පුද්ගලිකව සොයා බැලීම.

පින්වතුන්ගේ දඹදිව වන්දනාව නිමවූ පසු එයට සහභාගී වූ සියලු දෙනාම යලිත් මව්බිමට එන්නේ ඒ ගැන හරිම සතුටින්ය. මේ දක්වා පින්වතුන්ගේ දඹදිව වන්දනාවට එක් වූ කිසිවෙක් ඒ ගැන නොහොදකින් අවසන් කර නැත. එය අප පවසන්නේ අවංකව මිස අප ගැන ප්‍රචාරයක් ලබා ගැනීමේ පහත් අරමුණකින් නොව.