යන්නට පෙර සිතා බලනු

දෙමාපියන්ට දිය හැකි හොදම තෑග්ග.

දඹදිව වන්දනා ආයතනයක් තෝරා ගැනීමේදී ඔබ බොහෝ පරිස්සම් විය යුතුය. දඹදිව වන්දනාව රැගෙන යන බොහෝමයක් ආයතන එය ඉතා හොදින් සංවිධානය කළත් හැම ක්ෂේත්‍රයකම වාගේ දඹදිව වන්දනා ක්ෂේත්‍රෙයෙත් ජාවාරම් කරුවන් සිටිති.

ඔබ අවංකව යන්නේ දඹදිව වන්දනාවට නම් ඒ ආයතනය පිළිබදව හොදින් සොයා බැලිය යුතුයි. එසේ සොයා බැලීමෙන් තමයි ඔබේ වන්දනාවට හොදම ආයතනය ලැබෙන්නේ.

දඹදිව වන්දනාව හොදම ආයෝජනයක්

ගොඩක් අය අතට මුදලක් ලැබුණට කරන්න හදන්නේ ආයෝජනයන්.
ආයෝජනයන් වශයෙන් කරන්න බැංකුවක තැන්පත් කිරීම හෝ ව්‍යාපාර යෙදවීම
ඊට වඩා හොද ආයෝජනයක් දඹදිව වන්දනාව, ඒ මුදල දඹදිව වන්දනාව සදහා යොදවලා ඉතා හොදින් හිත සතුටින් අවබෝධයෙන් මේ ස්ථාන වන්දනා කලොත් ඔබට නිවන් දකින තුරු ඵලදෙන පින්කමක් වේවි. අනෙකුත් සියලු ආයෝජනයන් ඔබ මරණයත් සමගම අහෝසි වෙනවා. වෙන කෙනෙකුට හිමි වෙනවා. මේ අයෝජනය එහෙම නැහැ. නිවන් දකින තුරු ප්‍රතිලාභ ලැබෙවනවා.


  • පළමුව ඔවුන්ගේ දඹදිව ගතකරන දින ගණනේ කාලසටහන බැලිය යුතුය.
  • ඔබට අවශ්‍ය තරම් කාලයක් දඹදිව වන්දනාව සදහා යොදාගෙන ඇතැයි ද සලකා බැලිය යුතුය.
  • වන්දනා කරන ස්ථාන මොනවාද ඒ ස්ථානවල ගතකරන කාලය ඒ ස්ථාන වල සිදුකරන වැඩසටහන් මොනවාදැයි සොයා බැලිය යුතුය.
  • ඔබේ වන්දනාව මෙහෙයවන (මාර්ග උපදේශනය) අය ලාංකික බෞද්ධයෙක් යන බවත් සොයා බැලිය යුතුය.
  • ගමන යන්නට පෙර ගමනේ මාර්ග උපදේශක (නඩය භාරව යන කෙනා) හමු වී කතා කිරීම වැදගත්. ඔහු අනුව තමා ඔබේ වන්දනා ගමනේ ගුණාත්මක බව තීරණය වෙන්නේ ඔහු ඔබේ අදහස් වලට සමාන නොවුනහොත් ඒ වන්දනා ගමන ඔබට පීඩාවක් වෙයි. ඔහු සැදැහැවත් බෞද්ධයෙක් වුවහොත් ඔබේ අදහස් වලට සමාන වුවහොත් ඔබට මිය යනතුරු සතුටු විය හැකි දඹදිව වන්දනා ගමනක් ඉතුරු වේ.

කණ්ඩායමේ ප්‍රමාණය

දඹදිව වන්දනා ගමනට සහභාගී වන නඩයේ පිරිසේ ප්‍රමාණය ගැන අනිවාර්යයෙන්සොයා බැලිය යුතුය. සමහර විට නඩය 100 – 500 අතර ප්‍රමාණයක් විය හැකිය. විශාල නඩයක් සමග ගමන් කිරීමට ඔබ අකමැති නම් ඔබේ වන්දනාවට එයත් විශාල ප්‍රශ්නයක් විය හැකිය.

නවාතැන හා ආහාර පාන

මෙම පිළිබඳ ඔබ දඹදිව වන්දනාවට තෝරා ගන්නා ආයතනයෙන් විමසා බලා ඔබට සතුටු වියහැකි ප්‍රමාණයට ඇත් දැයි සොයා බැලිය යුතුයි. නමුත් ඔබ වඩා වඩාත්ම සොයා බලන්නේ නවාතැන් ආහාර පාන ගැන නොව වන්දනාව ගැනය.

නවාතැන්, කෑම බීම බස් රථ කොතරම් හොද වුවත් වන්දනාව නිසා කාලයක් නොගන්නේ නම් වන්දනාවත් සිදු නොවන්නේ නම් එහි ඇති ඵලයක් නැත. එය ඔබ ගිය තවත් එක් චාරිකාවක් බවට පත්වේවි. පින වෙනුවට අකුසල් රැස්වේවී.

වයස

ලංකාවේ සැදැහැවත් බොහෝ දෙනෙක් පුරුදු වී ඇත්තේ වයසට ගොස් දඹදිව යන්නට (සියලු යුතුකම්වලට පසුව) එය බොහෝ විට අසාර්ථකයි. වයසට ගිය විට ශරීරය දුබල හෙයින් බොහෝ ස්ථානවලට යාමට (දුර්ගේෂ්වර, ගිජුකුල, ගුරුප) නොහැකි වෙනවා. ගතට දැනෙන වෙහෙස වැඩි වෙනවා. මතක ශක්තිය දුර්වල හෙයින් වන්දනා කළ ස්ථාන පවා අමතක වෙනවා. බොහෝ මුදලක් වියදම් කර ගියත් ලබාගත් ප්‍රතිඵල ඉතාමත් අල්ප වෙනවා.

තරුණ වයස හෝ මැදි වයස තමා බොහෝ උචිත වන්නේ. කිසිම ස්ථානයක් මග නොහැර සියලු ස්ථාන වන්දනා කර ගන්නට ලැබෙනවා. එවිට ලබාගත් ප්‍රතිඵල බොහෝ වැඩිය. ලබාගන්නා අධ්‍යාත්මික සුවයෙන් ජීවිතය සුවපත් කර දිවිය පුරාවටම සුවසේ ගතකරන්න ලැබෙවි.